Sunday, July 15, 2012

අවසරයි ගොඩ වදින්නට ඔබේ සිතට .....


සබඳ අපි කඳු නොවෙමු
උනුන් පරයා නැඟෙන
සුනිල දිය දහර වෙමු
එකම ගඟකට වැටෙන


වියරු ගිනි දැල් නොවෙමු වනය අවුලා තබන
සිහිල දෙන වැස්ස වෙමු දැවෙන කැලයට වසින


නපුරු හීනය නොවෙමු ළමුන් නිදි සුව බිඳින
සොඳුරු අඬහැරය වෙමු දනන් නින්දෙන් මුදන

 අවසරයි ,
 ගොඩ වදින්නට  ඔබේ සිතට....,


මේ ඇරඹුණා වු කර්ථව්‍යා බ්ලොග් අඩවි කියවන සියළු රසික  රසිකාවියන්ට මහත් වු ආස්වාදයක් ලබා ගත හැකි යැයි සිතමි. මෙම අඩවියට කොළඹ විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියන් විසින් ලිපි ඉදිරිපත් කරන නිසා අළුත් දේවල්, අළුත් අදහස්, එක් විෂයකට පමණක් සීමා නොවූ දේ දැන  ගැනිමේ අවස්ථාවක් මෙයින් ලැබී ඇත. දිනෙන් දින අළුත් වන ලෝකයේ පිබිදෙන නව හැගීම්  ලෝකයා හමුවේ ඉදිරිපත් කිරිමටද මහඟු අවස්ථාවක් ද ලැබී ඇත. ඒ නිසා රසික රසිකාවියන්ට දන්නා නොදන්නා , ඇසු නොඇසු  සියළු  දේ වාරණය කර ගත හැකිවනු නියතය.

 අදාල කතුවරයා ලිපියක් ලියන්නේ, තම නිර්මාණය අනෙක් පිරිසට ඉදිරිපත් කර එහි හොඳ, නරක , ප්‍රශංසා බලාපොරොත්තුවෙනි.. තවත් පිරිසක් ලියන්නේ තම සන්තානයෙහි  ඇති දුක් තැවුල් දුරු කිරිමේ අටියෙනි. ඔවුනට ලෑබෙන ප්‍රථිචාර වල වැදගත් කමක් නැත. නමුත් ඒ නිර්මාණ මිල කල නොහැකිය. මෙකී නොකී සියළු කතුවරයන්ට මේ සාමුහික අඩවිය නැවුම් අත්දැකීමක් වනු නියතය,. එමෙන්ම ඔබගේ වටිනා අදහස් වලට දැවෙන සිත් නිවිමටද හැකී වේ යැයි සිතමි.." සිහිල දෙන වැස්ස වෙමු දැවෙන කැලයට වසින".......

මේ ගමන සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා....!!

ජනියා
පළමු වසර
විද්‍යා පීඨය

No comments:

Post a Comment