Thursday, December 20, 2012

යන්නට මග බලා ඉන්නා අයට සහ..යන්නට බයේ ඉන්නා අයට... ලෝක විනාසය...!


වෙනදා මෙන්ම ඔබ ජීවන අරගලයේද...
මම විභාගයට පොතේද...
දේශපාලකයා මඩිය තරකර ගනිමින්ද..
සිඟන්නා සිඟා කමින්ද හෙට දින එන තුරු බලා හිඳිනු ඇත...

පසුව:-
ආවොත්..යන් එකය..
නාවොත් අද නිකා උන් පාඩුවට දවස ගාණක් විඳවන්න වෙන එකය..එහෙයින් මෙහෙම හොඳය...!


පාර්ටි දමමින් අද දින සමරන අය ඔනේ තරම් ඉන්නට පුලුවන්..අන්න එතනදී...
අවසන බිහිවූ මේතාක් යථාර්තයන්...අධ්‍යපනයන්...විද්‍යාවන්...සියල්ල පරයා...
මායාවරු සහ සිනමා කරුවා ජය ගනී.

ඒ ලොව විනාස වූ හෙයින් නොව... ඒ වනතුරු දෑස් දල්වා බලා ඉන්නා අප නිසා වෙනි...
කුතුහලයෙන් සැදුම්ලත් මිනිසා...අද දිනද...හෙට දිනද නෙතු දල්වා අවසානය එන තුරු බල හිදිනු ඇත...!