එකිනෙකා හමුවන
එකිනෙකා වෙන්වන
ආදරණිය වූ දුම්රිය
එක වරක නොව
දෙවරක් නොව
තුන් වරක්
ඇය හා මම
ලංකලා නොවේද..... ?
එසේ හමු උනු ඇය
හිත් කොනේ ලැගුම් ගෙන
තව තවත් ලං ලංව
මගේ සිත රිදවයිද .....?
හිතා ගනු බෑ මටම
ඇය අන්සතු බව දැන දැනම
මා කෙසේ ලං වෙමිද .... ?
කියාගනු බෑ ඇයට
ඇයට මම ආදරේ බව
සුපුන් ලක්මාල් -
විද්‍යා පීඨය
පළමු වසර
කොළඹ විශ්ව විද්‍යාලය