Showing posts with label ජනිත්. Show all posts
Showing posts with label ජනිත්. Show all posts

Sunday, July 15, 2012

අවසරයි ගොඩ වදින්නට ඔබේ සිතට .....


සබඳ අපි කඳු නොවෙමු
උනුන් පරයා නැඟෙන
සුනිල දිය දහර වෙමු
එකම ගඟකට වැටෙන


වියරු ගිනි දැල් නොවෙමු වනය අවුලා තබන
සිහිල දෙන වැස්ස වෙමු දැවෙන කැලයට වසින


නපුරු හීනය නොවෙමු ළමුන් නිදි සුව බිඳින
සොඳුරු අඬහැරය වෙමු දනන් නින්දෙන් මුදන

 අවසරයි ,
 ගොඩ වදින්නට  ඔබේ සිතට....,