Wednesday, January 9, 2013

විශ්මිත මකුළු ලෝකය- Amazing Spider World


"පෘථිවිය" සෞරග්‍රහ මණ්ඩලයේ ජීවය ඇතැයි සැළකෙන එකම ග්‍රහලොවයි. ජීවය ඇති වූයේ කෙසේද? එය පහදා දීමට විවිධ සිද්ධාන්ත බිහිවී තිබේ. කෙසේ නමුත් දැනට පිළිගන්නා අන්දමට පරිණාමවාදය මෙම සිද්ධාන්ත තුලින් ප්‍රමුඛ පෙළේ පිළිගැනීමක් ලබා ඇත. අප චාල්ස් ඩාවින් හට එහි ගරුත්වය ලබා දුන්නත් ඒ සඳහා තවත් හිමිකරුවෙක් ද සිටින අතර ඔහුටද එම ගෞරවය ලබා දිය යුතු බව අපි සිහියේ තබා ගත යුතු වෙනවා. ඔහු නමින් ඇල්ෆ්‍රඩ් රසල් වොලස් ය. 


මා මේ ලිපියෙන් ලියන්නේ පරිණාමවාදය ගැන හෝ ජීවය ඇති වූ ආකාරය ගැන නොවේ. නමුත් පරිණාමවාදය මේ සිද්ධියට අත්වැලක් මෙන්ම ජීවයක් ද සපයයි. අප ජීවත් වන පරිසරය ගැන අප එතරම් සැලකිල්ලක් නොදැක්වුවත් මඳක් විමසිලිමත් වූ විට එහි ඇති විශ්මිත භාවය අපටද අත් විඳින්නට හැකියි. ඩිස්කවරි වැනි නාලිකා වල වැඩසටහන් වල විකාශණය වන පරිසර වැඩසටහන් නැරඹීමෙන් මේ විශ්මිත භාවය රූපවාහිනිය තුලින් නරඹන්නට හැකි වුවත් අප අවට පරිසරය තුලද එවැනි විශ්මිත දේ අපමණ ප්‍රමාණයක් ඇති බව අප නොදන්නා කරුණකි. ඩේවිඩ් ඇටෙන්බරෝ යනු එවැනි දේ හඹා යන සත්ත්ව වේදියෙකි. ඔහුගේ වැඩසටහන් ලොව පුරා ඉතා ප්‍රසිද්ධියට පත්ව ඇති අතර විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලබා තිබේ. 

වැඩි අටුවාටීකා අනවශ්‍යයි. මා මේ කියන්නට යන්නේ මකුළුවෙක් කල හදියක් ගැනයි. මේ මකුළුවා දුටු විට මට හැඟී ගියේ "මූ නම් A/L වලට physics ඉගෙන ගත්තු මකුළුවෙක් කියා ය." කෙසේ නමුත් පරිණාමවාදය අනුව Survival of Fittest යන වැකිය නිසැකින්ම සත්‍ය බව මට වැටහුණි.



සාමාන්‍යයෙන් මකුළුවා තම මකුළු දැළ බඳින්නේ යම් සතෙකු ග්‍රහණයට  ගැනීමට වන අතර එය පොළොවට ලම්භක වන ලෙස සකස් කරයි. එනම් තිරස් ලෙස පියඹා එන කුඩා සත්වයෙකු දැලට කොටු වන ලෙසයි. එසේ නම් මෙම මකුළු දැළ කෙළින් අතට තිබිය යුතු අතර ශක්තිමත් බවකින් යුක්ත විය යුතු ද වේ. මකුලුවාගේ ග්‍රන්ඨ්යකින් නිකුත් වන මේ මකුළු දැල එම කුඩා ප්‍රමාණයේ සත්ත්වයෙකු අල්ලා ගැනීමට ප්‍රාමණවත් තරම් ශක්තියකින් ද ඇලෙනසුළු ගතියකින් ද යුක්ත වේ. නමුත් මදක් සිතන්න මකුළුවා මේ මකුළු දැල බඳින ස්ථානය ගැන. සාමාන්‍යෙන් ඌ තෝරා ගන්නේ කෝනාකාර ස්ථානයක් එසේත් නැත්නම් අවම වශයෙන් ස්ථාන තුනකින් වත් මකුළු දැල සම්බන්ධ කල හැකි ස්ථානයක්. සරල භෞතික විද්‍යා මූලධර්ම අනුව මකුළු දැල සම්බධ වී ඇත්තේ සම්බන්ධක තන්තු දෙකකින් නම් නිතැතින්ම එම මකුළු දැළ සුළඟ එන විට භ්‍රමණය වීම්ට පටන් ගනී. එවිට මකුලු දැළ පොළොවට සමාන්තරව පිහිටන නිසා කිසිම කෘමියෙකු මේ දැලේ නොබැඳෙනු ඇති. එසේ වන්නේ තන්තු දෙකකින් සම්බන්ධ වන විට මකුළු දැලේ ගුරුත්ව කේන්ද්‍රය ඉහලට ගමන් කිරීම නිස පද්ධතිය භ්‍රමණය වීමයි. එම නිසා අනිවාර්යෙන්ම තුන්වන තන්තුවක් මඟින් මකුලු දැල භමණය වීම වැළැක්විය යුතුයි. මා මේ කියන මකුළුවාට ද උද්ගත වී තිබුනේ මෙවැනි ප්‍රශ්ණයක් ය. ඌ මකුළු දැළේ ප්‍රධාන තන්තු දෙක එකිනෙකට මඳක් ඈතින් තිබෙන ගස් දෙකකට සම්බන්ධ කලත් තුන්වන තන්තුව සම්බන්ධ කිරීමට ස්ථානයක් සොයා ගැනීමට අපහසු වී තිබුණි. එකම විසඳුම වන්නේ තුන්වන තන්තුව බිමට සවි කිරීමයි. නමුත් එය නිතර මිනිසුන් එහ මෙහා යන වැලි පාරක් වීම නිස විනාඩි දෙක තුනකින් මකුළු දැළේ කාලය අවසන් වන බව මකුළුවා තේරුම් ගෙන තිබුණි. උපක්‍රමය ඉතා තියුණුය. එමෙන්ම සරලය. පහසුවෙන් ලඟා කර ගෙන ද තිබුණි. ඔබට කිව හැකි ද මකුළුවා යොදා තිබූ උපක්‍රමය? මතක තබා ගන්න මකුළු දැල තිබුනේ පොලොවෙන් අඩි 8 පමන උසකින් බවද කෙලින්ම පහල වැලි පාරක් ද අසල වෙනත් කිසිම ගසක් නොතිබුණු බවද. මකුළුවා මෙම ගස් දෙක හරහා යොදා තිබුනේ දෙපසට විහිදෙන ප්‍රධාන තන්තු දෙක පමණක් බවද සිහියට ගන්න.


ඉහත කටු සටහනේ මැද දැක්වෙන්නේ මකුළු දැළ වන අතර තුන්වන තන්තුව සම්බන්ධ වන්නේ කුමන ස්ථානයට ද එය කුමකට සවි කර තිබුණි දැයි ඔබට කිව හැකි ද? දෙපසින් ඇත්තේ ගස් දෙකයි. (මගේ චිත්‍ර හැකියාව ගන සමාවෙන්න. )


No comments:

Post a Comment