Showing posts with label ගයාත්‍රි. Show all posts
Showing posts with label ගයාත්‍රි. Show all posts

Thursday, December 20, 2012

යන්නට මග බලා ඉන්නා අයට සහ..යන්නට බයේ ඉන්නා අයට... ලෝක විනාසය...!


වෙනදා මෙන්ම ඔබ ජීවන අරගලයේද...
මම විභාගයට පොතේද...
දේශපාලකයා මඩිය තරකර ගනිමින්ද..
සිඟන්නා සිඟා කමින්ද හෙට දින එන තුරු බලා හිඳිනු ඇත...

පසුව:-
ආවොත්..යන් එකය..
නාවොත් අද නිකා උන් පාඩුවට දවස ගාණක් විඳවන්න වෙන එකය..එහෙයින් මෙහෙම හොඳය...!


පාර්ටි දමමින් අද දින සමරන අය ඔනේ තරම් ඉන්නට පුලුවන්..අන්න එතනදී...
අවසන බිහිවූ මේතාක් යථාර්තයන්...අධ්‍යපනයන්...විද්‍යාවන්...සියල්ල පරයා...
මායාවරු සහ සිනමා කරුවා ජය ගනී.

ඒ ලොව විනාස වූ හෙයින් නොව... ඒ වනතුරු දෑස් දල්වා බලා ඉන්නා අප නිසා වෙනි...
කුතුහලයෙන් සැදුම්ලත් මිනිසා...අද දිනද...හෙට දිනද නෙතු දල්වා අවසානය එන තුරු බල හිදිනු ඇත...!




Saturday, December 15, 2012

මම කවි ලියනවා..!






රෑ අහස කළුවරයි...දෙනෙත සඳ සොයනවා...

ඔබේ නෙතු දුක්බරයි...මට ඒක දැනෙනවා...

මම නුඹට කියනවා කියා මම සිතාගෙන....
දුක නිවනු බැරි නිසා...මම කවි ලියනවා..

දම්පාට මල් කිණිති නිම්නයේ පිපෙනවා....
ඒ මතින් පා තියා දිව යන්න හිතෙනවා...
නුඹේ දුක නොපෙනෙන්න සැඟවෙන්න හිතෙනවා...
නුඹටවත් නොපෙනෙන්න..මමම ඒ කවි කියනවා...!


කවිකාරි <3

Saturday, September 15, 2012

ජීවිතය දුටිමි...!

සියගණන් මිනිසුන් මැද...දුටිමි.....

එකීනෙක පැටලී ජීවිතය සොයා යන...

විසල් හදවතක් තියන...ඇස් දෙකක් නැති...අත් දෙකක්....

නෙත් අගට කදුලක් උනා ආවා...එත් නුඹේ මුව...මල් පිපුණ හිනාවක්...




දුම්'රිය පළේදී මගේ නෙත් ඉමට හසුවූ, සුදු සැරයටියෙන් ජීවිතය සොයා ගිය...

***ඇය සහ ඔහු වෙනුවෙන්..-***




Wednesday, August 1, 2012

ලස්සනම කවිය...

කවි ලියන්න හිත කිව්වා....
කවි කොහේද නුඹ ඇහුවා....
මතක පොතේ පිටු පෙරළා....
කවි ලියන්න ඉඩ හෙව්වා....

මිහිරි මතක හැමදාමත් හිනා ගෙනා හිත් අහසට....
එදා හිනා මතක් වෙලා අද දුකයිද නුඹේ සිතට....
වෙනස් වෙනා මේ දියතේ...වෙනස නොවෙන දෙයක් ඇත්ද....
හිනා වෙලා බලා ඉන්න...වෙනස ගෙනෙයි සිතට මතක....

මතක පොතේ එක පිටුවක නුඹ ඉන්නවා හිනා වෙලා...
තව පිටුවක් පුරා කඳුළු මට ඇඬේවි මතක් වෙලා...
හෙට දවසේ මගෙ මතක පොතේ පිටු පුරාම...
හිනා වෙවී නුඹ ඉඳීද....හැමදාමත් එක වගේම...

කවි මතකේ එක පිටුවක් නුඹ වෙනුවෙන් වෙන්කරන්න...
කාලය දැන් හරිද කියල නුඹ ඇවිදින් කියා දෙන්න...
මගේ මතක කවි අතරෙ...ලියවුනු ලස්සනම කවිය...
එහෙනම් හෙමිහිට ඇවිදින්..ලඟින් ඉඳන් හිනා වෙන්න....!




Sunday, July 15, 2012

ෆැන්ටසියකට මගෙ හිතේ ප්‍රේමයක්...!


තව කෙනෙකුගේ හීනයක් මගෙ හීනයක් වෙන්න පුලුවන්ද?


එහෙව් හීනෙකට මගෙ හිතේ ප්‍රෙමයක්.....!!
" යථාර්තය නෙවේ ඔය......"
ඔබ කියාවි.....
"ඔය ෆැන්ටසියක්.....!
කාගෙ හරි හිතක මැවුන මායාවක් විතරයි."

ඒත් මගෙ හිතේ ප්‍රෙමය තවමත් එහෙම්මමයි.....

වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත.

            හුඟකාලෙක ඉඳන් අකුරු කරන්න ඕනා කියලා හිතේ පැලපදියම් වෙලා තිබුණු සිතළුවක්...පහුගිය ටිකේ අහපු දැකපු අත්විඳපු සිදුවීම් නිසා පණ පොවන්න ඕනා කියල සිතුණා.ඒ සිතිවිල්ලට හුඟක්ම පණ වැටුණේ පහුගිය දවසක "තරුණි" කාන්තා පුවත්පතේ දැකපු ලිපියක් නිසා.හරියටම දිනවකවානු මතක නැතිවුනත් එහි තිබුණු අර්ථයට දෑස් වල කඳුළුත් නැගුණා මතකයි මට. 

      "දියණිගේ ආරක්ෂාව ගැන සිතන්නට කාලයයි මේ..." යන තේමාවෙන් එහි, සැඳෑ සමයේ කොළඹ ඉඳන් නිවස බලා රැකියාව අහවර වී ගෙදර යන මහත්මයෙක් තමන්ට පු0චි ගැහැණු දරුවකු පිළිබඳ මුහුණ දෙන්නට වූ අත්දැකීමක් අපූරුවට විස්තර කරලා තිබුණා.