Saturday, December 15, 2012

මම කවි ලියනවා..!






රෑ අහස කළුවරයි...දෙනෙත සඳ සොයනවා...

ඔබේ නෙතු දුක්බරයි...මට ඒක දැනෙනවා...

මම නුඹට කියනවා කියා මම සිතාගෙන....
දුක නිවනු බැරි නිසා...මම කවි ලියනවා..

දම්පාට මල් කිණිති නිම්නයේ පිපෙනවා....
ඒ මතින් පා තියා දිව යන්න හිතෙනවා...
නුඹේ දුක නොපෙනෙන්න සැඟවෙන්න හිතෙනවා...
නුඹටවත් නොපෙනෙන්න..මමම ඒ කවි කියනවා...!


කවිකාරි <3

No comments:

Post a Comment