Showing posts with label පුබුදු. Show all posts
Showing posts with label පුබුදු. Show all posts

Wednesday, January 9, 2013

විශ්මිත මකුළු ලෝකය- Amazing Spider World


"පෘථිවිය" සෞරග්‍රහ මණ්ඩලයේ ජීවය ඇතැයි සැළකෙන එකම ග්‍රහලොවයි. ජීවය ඇති වූයේ කෙසේද? එය පහදා දීමට විවිධ සිද්ධාන්ත බිහිවී තිබේ. කෙසේ නමුත් දැනට පිළිගන්නා අන්දමට පරිණාමවාදය මෙම සිද්ධාන්ත තුලින් ප්‍රමුඛ පෙළේ පිළිගැනීමක් ලබා ඇත. අප චාල්ස් ඩාවින් හට එහි ගරුත්වය ලබා දුන්නත් ඒ සඳහා තවත් හිමිකරුවෙක් ද සිටින අතර ඔහුටද එම ගෞරවය ලබා දිය යුතු බව අපි සිහියේ තබා ගත යුතු වෙනවා. ඔහු නමින් ඇල්ෆ්‍රඩ් රසල් වොලස් ය. 

Wednesday, August 1, 2012

පරිසර සමතුලිතතාවය සඳහා සාගර විසින් කාබන් ගබඩා කර ගන්නා අයුරු සොයා ගැනේ

                පරිසර තුල්‍යතාවය සඳහා කාබන් නැමැති මූලද්‍රව්‍ය දක්වන්නේ ඉමහත් දායකත්වයක්. එම තුල්‍යතාවය කාබන් චක්‍රය විසින් දක්වනු ලබනවා.





              කාර්මික විප්ලවයත් සමඟම ෆොසිල ඉන්ධන දහනය කීරීමේ වේගය වැඩි වීමත් සමඟම මේ සමතුලිය බිඳ වැටීමේ ප්‍රවණතාවයක් පසු ගිය කාලවකවානුව තුල දක්නට ලැබුණා. වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය ඉහල යාමෙන් ගෝලීය උණුසුම වැඩි වීම මින් හට ගන්න ප්‍රධාන ඵල විපාකයක් ලෙස හැඳින්විය හැකිය. මේ අතර සාගර විසින් කාබන් ගබඩා කර ගනිමින් කාබන් චක්‍රය ස්ථායීව පවත්වා ගන්න බව විද්‍යාඥයින් විසින් සොයා ගෙන තිබූ නමුත් එසේ කාබන් ගබඩා කර ගන්නා ආකාරය පහදා දීමට මෙතෙක් ඔවුන්ට හැකි වී නොතිබුණි. කෙසේ නමුත් පසුගියදා තමුන් එම ක්‍රියාවලිය සිදු වන ආකාරය සොයා ගත් බව බ්‍රිතාන්‍ය හා ඕස්ට්‍රේලියානු විද්‍යඥයින් පිරිසක්  Nature Geoscience  සඟරාවට දන්වා  තිබෙනවා . දකුණු කළාපීය සාගර පෘෂ්ඨයන්ගේ සිට සාගර පතුල් වෙතට කාබන් ඇද ගන්නා නවතම ක්‍රියාවලියක් මෙම විද්‍යාඥයින් විසින් සොයා ගෙන තිබෙනවා. එම සොයා ගැනීම කාළගුණික විපර්යාස සඳහා නව විසඳුම් සෙවීමට මහත් සේ දායක වන බව ඔවුන් වැඩි දුරටත් පවසා තිබෙනවා.

           දක්ෂිණ සාගර කළාප විසින් ලොව වාර්ෂික කාබන් ඩයොක්සයිඩ් විමෝචනයෙන් 40% ක ප්‍රමාණයක් අවශෝෂණය කර ගනු ලබනවා. සාගරය පුරා උණුසුම් හා සිසිල් සාගර ජලය සංසරණය කරන සුළඟ, මුහුදු ප්‍රවාහ, අති විශාල සුළි සුළං එඩීස් (Eddies) යනුවෙන් හඳුන්වනවා. මේවා කාබන් සාගර පතුල තුළට යැවෙන පුනීල සේ ක්‍රියා කරන බවට ඔවුන් අනාවරණය කර ගෙන තිබෙනවා. Argo floats යනුවෙන් හඳුන්වන අති නවීන ප්‍රමාණයෙන් ඉතා කුඩා රොබෝ යන්ත්‍ර ආශ්‍රයෙන් කරන ලද අධ්‍යන වලින් මෙම තොරතුරු අනාවරණය කර ගෙන තිබෙනවා. මෙම යන්ත්‍ර වලට මුහුදු පතුලේ කිලෝ මීටර් 7ක පමණ සිට තොරතුරු එවිය හැකි බව සඳහන්.

මූලාශ්‍ර :  Sciencealert.com

පුබුදු නවරත්න
විද්‍යා පීඨය
දෙවන වසර

Saturday, July 14, 2012

පළමු අඬහැරය


කොළඹ විශ්ව විද්‍යාලයීය සිසුන්ගේ නිර්මාණ අදහස් කළ එළි දක්වන්නට මහඟු තෝතැන්නක් වන මෙම බ්ලොග් අඩවියට පැමිණි ඔබ සැම සාදරයෙන් පිළි ගනිමු.  ලිපි නිර්මාණ එළි දැක්වීම හෙට සිට ආරම්භ වේ. ඒ සඳහා ඔබ විසින් සකස් කරන ලද යම් ලිපි නිර්මාණ කවි, නිසඳැස් ආදී ඕනෑම නිර්මාණයක් creativeuoc@gmail.com යන ලිපින‍යට එවන්න. විශ්ව විද්‍යාලයේ යම් උත්සව කටයුත්තක් හෝ ඒ පිළිබඳ විස්තර මෙන්ම විශ්ව විද්‍යාලය පිළිබඳ ඔබ කැමති ලිපියක් ද ඒ සඳහා එවිය හැක.
ලිපි එවීමේදී ලිපියේ අවසානයේ ඔබගේ නම(බ්ලොග් සඳහා භාවිතා කරන නම වුවද යොදා ගත හැක.) ඉගෙනුම ලබන වසර හා පීඨය ද සඳහන් කර එවන මෙන් ඉල්ලා සිටිමු.
ලිපි ලිවීම කැමති භාෂාවකින් වන අතර ඒ සඳහා වචන සීමාවක් ද නැත.