Wednesday, August 1, 2012

පරිසර සමතුලිතතාවය සඳහා සාගර විසින් කාබන් ගබඩා කර ගන්නා අයුරු සොයා ගැනේ

                පරිසර තුල්‍යතාවය සඳහා කාබන් නැමැති මූලද්‍රව්‍ය දක්වන්නේ ඉමහත් දායකත්වයක්. එම තුල්‍යතාවය කාබන් චක්‍රය විසින් දක්වනු ලබනවා.





              කාර්මික විප්ලවයත් සමඟම ෆොසිල ඉන්ධන දහනය කීරීමේ වේගය වැඩි වීමත් සමඟම මේ සමතුලිය බිඳ වැටීමේ ප්‍රවණතාවයක් පසු ගිය කාලවකවානුව තුල දක්නට ලැබුණා. වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය ඉහල යාමෙන් ගෝලීය උණුසුම වැඩි වීම මින් හට ගන්න ප්‍රධාන ඵල විපාකයක් ලෙස හැඳින්විය හැකිය. මේ අතර සාගර විසින් කාබන් ගබඩා කර ගනිමින් කාබන් චක්‍රය ස්ථායීව පවත්වා ගන්න බව විද්‍යාඥයින් විසින් සොයා ගෙන තිබූ නමුත් එසේ කාබන් ගබඩා කර ගන්නා ආකාරය පහදා දීමට මෙතෙක් ඔවුන්ට හැකි වී නොතිබුණි. කෙසේ නමුත් පසුගියදා තමුන් එම ක්‍රියාවලිය සිදු වන ආකාරය සොයා ගත් බව බ්‍රිතාන්‍ය හා ඕස්ට්‍රේලියානු විද්‍යඥයින් පිරිසක්  Nature Geoscience  සඟරාවට දන්වා  තිබෙනවා . දකුණු කළාපීය සාගර පෘෂ්ඨයන්ගේ සිට සාගර පතුල් වෙතට කාබන් ඇද ගන්නා නවතම ක්‍රියාවලියක් මෙම විද්‍යාඥයින් විසින් සොයා ගෙන තිබෙනවා. එම සොයා ගැනීම කාළගුණික විපර්යාස සඳහා නව විසඳුම් සෙවීමට මහත් සේ දායක වන බව ඔවුන් වැඩි දුරටත් පවසා තිබෙනවා.

           දක්ෂිණ සාගර කළාප විසින් ලොව වාර්ෂික කාබන් ඩයොක්සයිඩ් විමෝචනයෙන් 40% ක ප්‍රමාණයක් අවශෝෂණය කර ගනු ලබනවා. සාගරය පුරා උණුසුම් හා සිසිල් සාගර ජලය සංසරණය කරන සුළඟ, මුහුදු ප්‍රවාහ, අති විශාල සුළි සුළං එඩීස් (Eddies) යනුවෙන් හඳුන්වනවා. මේවා කාබන් සාගර පතුල තුළට යැවෙන පුනීල සේ ක්‍රියා කරන බවට ඔවුන් අනාවරණය කර ගෙන තිබෙනවා. Argo floats යනුවෙන් හඳුන්වන අති නවීන ප්‍රමාණයෙන් ඉතා කුඩා රොබෝ යන්ත්‍ර ආශ්‍රයෙන් කරන ලද අධ්‍යන වලින් මෙම තොරතුරු අනාවරණය කර ගෙන තිබෙනවා. මෙම යන්ත්‍ර වලට මුහුදු පතුලේ කිලෝ මීටර් 7ක පමණ සිට තොරතුරු එවිය හැකි බව සඳහන්.

මූලාශ්‍ර :  Sciencealert.com

පුබුදු නවරත්න
විද්‍යා පීඨය
දෙවන වසර

No comments:

Post a Comment