Tuesday, July 31, 2012

පුංචි රෝස මල..




කලු පාට කැරලි කැරලි කොන්ඩේ.. පිට දිගට වැටිලා.. අද උදේම නාලද කොහෙද.. එක පේලියට තියලා තියෙන පොත් දිගේ හෙමිට ඇඟිලි අරගෙන යන්නේ හරියට භාවනාවක් කරනවා වගේ.. අරණකට පෙම් බැඳ.. කටු ඔටුනු.. ගෝරා...පොත් එකෙන් එක ඒ ඇඟිලි වල පහස ලබනවා.. මමත් පොතක් වුනා නම් ඒ රාක්කෙට වෙලා ඉන්න තිබුනා එයා මාව තෝරගනී කියලා හිතාගෙන.. ඒත් තාම මගේ පැත්තට හැරුනේ නැනේ... මූණ දැක්කේ නෑ තාම.. ඇඳලා ඉන්න රෝස පාට ගවුමට මේ ළමයා තව ලස්සනට පේනවා.. තව නම් ඉන්න හිතෙන්නේ නැ..

"නංගි මොකක්ද හොයන පොත?"
"ආහ්.. මන් නිකන් මොකක් හරි පොතක් බැලුවේ.. "

හින් හිනාව.. ඇස් පුංචි කරලා බලන කොට හරිම ආසයි..

"ගෝරා පොත ලස්සනයි මන් හිතන්නේ.." කතාව ඉකමනට ඉවර වෙන්න ඕනේ නැ මට.

"හ්ම්ම්.. මන් කියවලා තියෙනවා.." මන් දිහා නොබලාම පොත් තෝරනවා..

"නංගිව ගොඩ කාලෙකින් දැක්කේ..." ඒ සැරේ නම් ඔලුව උස්සලා බැලුවා.

"ලෙක්චරස්ලා ස්ට්‍රක් නේ අයියේ.. ඒ නිසා කැම්පස් එවෙන්නේ නැ.. ලයිබ්‍රරි එකත් ගොඩක් දවස් වහලා නේ තිබුනේ.."

ආයේ පොත දිහා බලාගෙන.. අනේ මන්දා.. ඔච්චර දෙයක් තියෙනවද ඔය පොත් වල බලන්න.. එකක් අරගත්තා නම් ඉවරයි නේ..

"හ්ම්ම්.. අපිත් ටිකක් කල් ස්ට්‍රක් කලා තමා.."

"අයියට වැඩ නැද්ද?" ඔලුවවත් උස්සන්නේ නැතුව අහනවා.ට්‍රොලියේ පොත් පුරවලා.රාක්ක වලට දාන්න ඕනේ.. ඒත් ඔයා මෙතන ඉද්දී මම යන්නේ කොහොමද.."තියෙනවා තියෙනවා.. මේ පොත් ටික රාක්ක වලට දාන්න ඕනේ.."
"මන් යනවා.." එකපාරටම පොතකුත් අරගෙන යන්න ගත්තා.

"ආහ් හරි නංගි.." ඇහුණද මන්දා..ඒ තරම් ඉක්මනට යන්න ගියා.. මොනා හිතනවද දන්නේ නැ.. ජනෙලේ ගාවට වෙලා මන් බලාගෙන හිටියා.. ලයිබ්‍රරියෙන් පිට වෙලා ඇවිද ගෙන යනවා පුංචි රෝස මල.. ආයේ කවදා එයිද දන්නේ නැ..

සඳවතිය ඔබ මට අහිමි
දුරින් හිඳ සැනසෙන්නම් මා
සඳ එළිය වත් නෑ අයිති
මැරුණු තරුවක් මා..

රෝස සිඟිත්ති ඔබය
පිපිනු අන් සතු උයනක
සුවඳ ගන්නටවත් බෑ මට
ලන්වෙන්න තටු නෑ මට....

ඔබව දුටු සරසවි බිමෙන්
ඔබ යාවි පිටවෙලා කලකින්
මම හිඳී මඟ බලා
ඔබ ආයේ එයි කියා..


"කියවන ඔයාලාගේ අදහස් ගොඩාක් වටිනවා යාලු.. ඒ නිසා පුංචි දෙයක් හරි කියලා යනවා නම් ගොඩාක් සතුටුයි."

2 comments: