Sunday, July 15, 2012

ෆැන්ටසියකට මගෙ හිතේ ප්‍රේමයක්...!


තව කෙනෙකුගේ හීනයක් මගෙ හීනයක් වෙන්න පුලුවන්ද?


එහෙව් හීනෙකට මගෙ හිතේ ප්‍රෙමයක්.....!!
" යථාර්තය නෙවේ ඔය......"
ඔබ කියාවි.....
"ඔය ෆැන්ටසියක්.....!
කාගෙ හරි හිතක මැවුන මායාවක් විතරයි."

ඒත් මගෙ හිතේ ප්‍රෙමය තවමත් එහෙම්මමයි.....


තව කෙනෙකුගේ හිතේ මැවුනු මායාවක් උනත්....
යථාර්තයට ගව් ගාණක් දුර උනත්...

මං ආදරේ කලා.....

මන්ද ඒ ෆැන්ටසිය කිව්වෙ මගෙ හිතේ හීනයක්...
යථාර්තයට....මගෙ දෑතට අහු වෙන්නැති උනත්
ලස්සනම ලස්සන හීන හීනයක්...!



-ගයාත්‍රි නිසංසලා තිලකරත්න-
කළමනාකරණ හා මූල්‍ය පීඨය
දෙවන වසර
කොළඹ විශ්ව විද්‍යාලය

2 comments:

  1. ෆැන්ටසියක ජිවත් වෙන එක විදියකටත් හොදයි නේ??
    සංවේදි ලිපියක්..!

    ReplyDelete
  2. ඔව් සැබෑ ලෝකේ නැති හොඳ දේවල්..ෆැන්ටසිය ඇතුලේ දකින්න පුළුවන් වේවි...ඒකත් ලස්සන අත්දැකීමක්
    ස්තූතියි...!

    ReplyDelete