මා එපා කිවු ඔබ
යලි ඇවිත් මා ලඟ
හඬා වැළපෙන කොට
කෙසේ ඉවතක බලමි මම...
දහක් දුක් සඟවා
හිනාවෙමි නුඹට මම
නුඹේ දුක අහගෙන
හුනිමි නොහඬාම මම...
නෙත් අඟින් ගිලිහෙන
නුඹේ උණු කඳුළැලි
මගේ නමට නොවෙන බව
දැන දැන ම සනසවමි මම...
නුඹ හඬයි මා ලඟ
අතැර ගිය ආලය පතා
පිසදමමි නුඹේ කඳුළු මම
මා දවන හින්දා උණු කඳුළ..
නුඹ තවම මසිතේ සිටියද
අයිති නැති අයෙකි නුඹ මට
සරදමක් දෝ ප්‍රේමය
ජීවිතය නිතර රිදවන..
~Red
Riding Hood~
2nd year
Faculty of Law
No comments:
Post a Comment