Sunday, July 15, 2012

The beauty of danger

තෙල් සායම් උපයෝගී කරගෙන අඟල් 12 x 18 කැන්වස් රෙද්දක් මත අඳින මෙම අගනා සිතුවම සඳහා පැය 8ක පමණ කාලයක් ගත වූ බව එහි සිත්තම්කරු සඳහන් කර එවන ලදි. තම විවේක කාලය මෙවැනි නිර්මාණ සඳහා වැය කරන ඔහු මේ වන විට මෙවැනි සිතුවම් 60කට අධික ප්‍රමාණයක් ඔහු සිතුවම් කර තිබෙනවා.
තමාගේම අදහසකට හා තමාගේම ශෛලියක් භාවිතා කරමින් ඇඳි මෙම චිත්‍රය ඇඳීම සඳහා සැබෑ කොටියන්ගේ ඡායාරූ කිහිපයක්ම අධ්‍යනය කර තිබෙනවා. කුඩා අවදියේ සිටම චිත්‍ර කළාවට යොමු වූ සිත්තරකරුට තම පවුලේ අයගෙන් ලැබෙන්නේ නොමඳ සහයෝගයකි.

ඔහුගේ තවත් නිර්මාණ voiceofcolombo.blogspot.com ඔස්සේ ඔබ වෙත ඉදිරිපත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා.


රුක්මල් රත්නායක
විද්‍යා පීඨය
පළමු වසර


No comments:

Post a Comment