"පෘථිවිය" සෞරග්‍රහ මණ්ඩලයේ ජීවය ඇතැයි සැළකෙන එකම ග්‍රහලොවයි. ජීවය ඇති වූයේ කෙසේද? එය පහදා දීමට විවිධ සිද්ධාන්ත බිහිවී තිබේ. කෙසේ නමුත් දැනට පිළිගන්නා අන්දමට පරිණාමවාදය මෙම සිද්ධාන්ත තුලින් ප්රමුඛ පෙළේ පිළිගැනීමක් ලබා ඇත. අප චාල්ස් ඩාවින් හට එහි ගරුත්වය ලබා දුන්නත් ඒ සඳහා තවත් හිමිකරුවෙක් ද සිටින අතර ඔහුටද එම ගෞරවය ලබා දිය යුතු බව අපි සිහියේ තබා ගත යුතු වෙනවා. ඔහු නමින් ඇල්ෆ්‍රඩ් රසල් වොලස් ය.
කොළඹ විශ්වවිද්‍යාලයීය නිර්මාණ දැක්ම.....
කොළඹ අහස යට සිහින දකින්නන්ගේ යථා රූපී විජිතය...
Wednesday, January 9, 2013
Thursday, December 20, 2012
යන්නට මග බලා ඉන්නා අයට සහ..යන්නට බයේ ඉන්නා අයට... ලෝක විනාසය...!
වෙනදා මෙන්ම ඔබ ජීවන අරගලයේද...
මම විභාගයට පොතේද...
දේශපාලකයා මඩිය තරකර ගනිමින්ද..
සිඟන්නා සිඟා කමින්ද හෙට දින එන තුරු බලා හිඳිනු ඇත...
පසුව:-
ආවොත්..යන් එකය..
නාවොත් අද නිකා උන් පාඩුවට දවස ගාණක් විඳවන්න වෙන එකය..එහෙයින් මෙහෙම හොඳය...!
පාර්ටි දමමින් අද දින සමරන අය ඔනේ තරම් ඉන්නට පුලුවන්..අන්න එතනදී...
අවසන බිහිවූ මේතාක් යථාර්තයන්...අධ්‍යපනයන්...විද්‍යාවන්...සියල්ල පරයා...
මායාවරු සහ සිනමා කරුවා ජය ගනී.
ඒ ලොව විනාස වූ හෙයින් නොව... ඒ වනතුරු දෑස් දල්වා බලා ඉන්නා අප නිසා වෙනි...
කුතුහලයෙන් සැදුම්ලත් මිනිසා...අද දිනද...හෙට දිනද නෙතු දල්වා අවසානය එන තුරු බල හිදිනු ඇත...!

අවසන බිහිවූ මේතාක් යථාර්තයන්...අධ්‍යපනයන්...විද්‍යාවන්...සියල්ල පරයා...
මායාවරු සහ සිනමා කරුවා ජය ගනී.
ඒ ලොව විනාස වූ හෙයින් නොව... ඒ වනතුරු දෑස් දල්වා බලා ඉන්නා අප නිසා වෙනි...
කුතුහලයෙන් සැදුම්ලත් මිනිසා...අද දිනද...හෙට දිනද නෙතු දල්වා අවසානය එන තුරු බල හිදිනු ඇත...!
Saturday, December 15, 2012
මම කවි ලියනවා..!
රෑ අහස කළුවරයි...දෙනෙත සඳ සොයනවා...
ඔබේ නෙතු දුක්බරයි...මට ඒක දැනෙනවා...
මම නුඹට කියනවා කියා මම සිතාගෙන....
දුක නිවනු බැරි නිසා...මම කවි ලියනවා..
දම්පාට මල් කිණිති නිම්නයේ පිපෙනවා....
ඒ මතින් පා තියා දිව යන්න හිතෙනවා...
නුඹේ දුක නොපෙනෙන්න සැඟවෙන්න හිතෙනවා...
නුඹටවත් නොපෙනෙන්න..මමම ඒ කවි කියනවා...!
කවිකාරි <3
Saturday, September 15, 2012
ජීවිතය දුටිමි...!
සියගණන් මිනිසුන් මැද...දුටිමි.....
එකීනෙක පැටලී ජීවිතය සොයා යන...
විසල් හදවතක් තියන...ඇස් දෙකක් නැති...අත් දෙකක්....
නෙත් අගට කදුලක් උනා ආවා...එත් නුඹේ මුව...මල් පිපුණ හිනාවක්...
දුම්'රිය පළේදී මගේ නෙත් ඉමට හසුවූ, සුදු සැරයටියෙන් ජීවිතය සොයා ගිය...
***ඇය සහ ඔහු වෙනුවෙන්..-***
Thursday, September 13, 2012
Special job Opportunity for undergraduates who are involved in A/L Tuition Classes
Requirements
undergraduates who are involved in doing tuition for A/L students in the science stream (both maths and biology).
Should have a good idea about the syllabus, scope, topics, sub topics covered etc
Job profile
they will have to develop the content of a single subject which he is good at in an interactive manner. (in a conversational manner sort of). anyway company will instruct you about the format in the beginning.
Work Basis
These people will get a chance to wrk with us part-time for now and those who excel may get an opportunity to join the company after graduation. they can work at home and will have to come to office for discussion/ meeting purposes only.
Forward your Cv's to asanga@felidae.lk
or
chachu_dil@yahoo.com
further contact details
No. 8 1/1, Coniston Place,
Colombo 7,
Sri Lanka.
Web: www.felidae.lk
e-mail: asanga@felidae.lk
Tel: +94 11 259 4936
Mob: +94 714721874e-mail: asanga@felidae.lk
Tel: +94 11 259 4936
Thursday, August 2, 2012
Wednesday, August 1, 2012
පරිසර සමතුලිතතාවය සඳහා සාගර විසින් කාබන් ගබඩා කර ගන්නා අයුරු සොයා ගැනේ
පරිසර තුල්‍යතාවය සඳහා කාබන් නැමැති මූලද්‍රව්‍ය දක්වන්නේ ඉමහත් දායකත්වයක්. එම තුල්‍යතාවය කාබන් චක්‍රය විසින් දක්වනු ලබනවා.
කාර්මික විප්ලවයත් සමඟම ෆොසිල ඉන්ධන දහනය කීරීමේ වේගය වැඩි වීමත් සමඟම මේ සමතුලිය බිඳ වැටීමේ ප්‍රවණතාවයක් පසු ගිය කාලවකවානුව තුල දක්නට ලැබුණා. වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය ඉහල යාමෙන් ගෝලීය උණුසුම වැඩි වීම මින් හට ගන්න ප්‍රධාන ඵල විපාකයක් ලෙස හැඳින්විය හැකිය. මේ අතර සාගර විසින් කාබන් ගබඩා කර ගනිමින් කාබන් චක්‍රය ස්ථායීව පවත්වා ගන්න බව විද්‍යාඥයින් විසින් සොයා ගෙන තිබූ නමුත් එසේ කාබන් ගබඩා කර ගන්නා ආකාරය පහදා දීමට මෙතෙක් ඔවුන්ට හැකි වී නොතිබුණි. කෙසේ නමුත් පසුගියදා තමුන් එම ක්‍රියාවලිය සිදු වන ආකාරය සොයා ගත් බව බ්‍රිතාන්‍ය හා ඕස්ට්‍රේලියානු විද්‍යඥයින් පිරිසක් Nature Geoscience සඟරාවට දන්වා තිබෙනවා . දකුණු කළාපීය සාගර පෘෂ්ඨයන්ගේ සිට සාගර පතුල් වෙතට කාබන් ඇද ගන්නා නවතම ක්‍රියාවලියක් මෙම විද්‍යාඥයින් විසින් සොයා ගෙන තිබෙනවා. එම සොයා ගැනීම කාළගුණික විපර්යාස සඳහා නව විසඳුම් සෙවීමට මහත් සේ දායක වන බව ඔවුන් වැඩි දුරටත් පවසා තිබෙනවා.
දක්ෂිණ සාගර කළාප විසින් ලොව වාර්ෂික කාබන් ඩයොක්සයිඩ් විමෝචනයෙන් 40% ක ප්‍රමාණයක් අවශෝෂණය කර ගනු ලබනවා. සාගරය පුරා උණුසුම් හා සිසිල් සාගර ජලය සංසරණය කරන සුළඟ, මුහුදු ප්‍රවාහ, අති විශාල සුළි සුළං එඩීස් (Eddies) යනුවෙන් හඳුන්වනවා. මේවා කාබන් සාගර පතුල තුළට යැවෙන පුනීල සේ ක්‍රියා කරන බවට ඔවුන් අනාවරණය කර ගෙන තිබෙනවා. Argo floats යනුවෙන් හඳුන්වන අති නවීන ප්‍රමාණයෙන් ඉතා කුඩා රොබෝ යන්ත්‍ර ආශ්රයෙන් කරන ලද අධ්‍යන වලින් මෙම තොරතුරු අනාවරණය කර ගෙන තිබෙනවා. මෙම යන්ත්‍ර වලට මුහුදු පතුලේ කිලෝ මීටර් 7ක පමණ සිට තොරතුරු එවිය හැකි බව සඳහන්.
මූලාශ්‍ර : Sciencealert.com
විද්‍යා පීඨය
දෙවන වසර
ලස්සනම කවිය...
කවි ලියන්න හිත කිව්වා....
කවි කොහේද නුඹ ඇහුවා....
මතක පොතේ පිටු පෙරළා....
කවි ලියන්න ඉඩ හෙව්වා....
මිහිරි මතක හැමදාමත් හිනා ගෙනා හිත් අහසට....
එදා හිනා මතක් වෙලා අද දුකයිද නුඹේ සිතට....
වෙනස් වෙනා මේ දියතේ...වෙනස නොවෙන දෙයක් ඇත්ද....
හිනා වෙලා බලා ඉන්න...වෙනස ගෙනෙයි සිතට මතක....
මතක පොතේ එක පිටුවක නුඹ ඉන්නවා හිනා වෙලා...
තව පිටුවක් පුරා කඳුළු මට ඇඬේවි මතක් වෙලා...
හෙට දවසේ මගෙ මතක පොතේ පිටු පුරාම...
හිනා වෙවී නුඹ ඉඳීද....හැමදාමත් එක වගේම...
කවි මතකේ එක පිටුවක් නුඹ වෙනුවෙන් වෙන්කරන්න...
කාලය දැන් හරිද කියල නුඹ ඇවිදින් කියා දෙන්න...
මගේ මතක කවි අතරෙ...ලියවුනු ලස්සනම කවිය...
එහෙනම් හෙමිහිට ඇවිදින්..ලඟින් ඉඳන් හිනා වෙන්න....!
Subscribe to:
Posts (Atom)