Friday, July 27, 2012

හද එළියෙන් පාර අහන්

 හද එළියෙන් පාර අහන්
 පිණි අහුරක සිසිල දෙන්න
 ඔබ එනතුරු බලා හිදිමි
 ළගට වෙලා සිනාසෙන්න.....

 මල් පොහොට්ටු සිහින විලේ
 සුරංගනා මල් පිපෙන්න
 හීන පිරුණු පුංචි හදේ
 පුංචි ඉඩක් මට තියන්න.....

 සද එළියට අත වනලා
 තරු කැකුළිය හිනා වෙන්න
 මම ආසයි හැම තිස්සෙම
 ඔය හුස්මක හැංගි ඉන්න.....


රුවිනි අමරසින්හ
විද්‍යා පීඨය
පලමු වසර

3 comments:

  1. හඳ එලියේ නතරවෙලා
    ඔය නෙත් යුග දෙස බලන්න
    ඒ මත ඇඳි මගේ රුවේ
    සිනහ මලෙක සුව විඳින්න

    අහසෙ පිපෙන තරු මල් යට
    ඔය සිත ලඟ නතරවෙන්න
    මගෙ හීනෙට නුඹේ හදේ
    ඉඩක් තියෙද සොයාගන්න

    පාට රැඳුනු මල් පෙත්තක
    හීන වලට සුවඳ දෙන්න
    මං ආසයි ටිකක් වෙලා
    නුඹෙ හද ළඟ නතරවෙන්න

    මේක කොළඹට රුහුණෙන්..

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. පිපිලා තියෙන තරු මල් යට
    හෑමදාමත් නතර වෙන්න
    නුබෙ හීනෙට මගෙ හීනෙ
    එකතු කරල හැඩ බලන්න

    මල් පෙති වල සුවද අරන්
    ඒ හීනෙට සුවද දෙන්න
    මම ආසයි හැමදාමත්
    ඔය හද ලග නතරවෙන්න.....

    මේක රුහුනට...
    ගොඩක් ස්තුතියි ඔයාගෙ කවියට......

    ReplyDelete